හෙරෝයින් සමග රුපියල් ලක්ෂ 70කට ආසන්න මුදලක් සමග පුද්ගලයකු කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඊයේ (17) රාත්‍රියේ ගාලු මුවදොර ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් කුඩා ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබි රුපියල් හැට නව ලක්ෂ 49,500 ක මුදලක් සොයා ගෙන ඇති අතර තවද පොලිස් නිල සුනඛයින් යොදා රථය පරීක්ෂා කිරීමේදී හෙරෝයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 340ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි මත්ස්‍ය වෙළෙන්දෙකු බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
















































