මුන්දලම , තාරවිල්ලුව ප්‍රදේශයෙන් ගලා බසින කීරියන්කල්ලිය ඇළෙන් එගොඩ වීමට ගිය පුද්ගලයෙකු ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බව වාර්තා වේ .
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කීරියන්කල්ලිය ඇළේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අවස්ථාවක අදාළ පුද්ගලයා ඉන් එගොඩ වීමට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට ලක්ව තිබේ .
ඒ අනුව අතුරුදන් වු පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් ආරම්භ කර ඇති අතර මෙලෙස අතුරුදන්ව ඇත්තේ 40 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි .