වටවල වැලිඔය වතුයායේ පහළ කොටසේ කරන ලද වැටලීමකදී කංසා සමග එක් පුද්ගලයකු සැකපිට හැටන් කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරින් විසින් 15 වන දින සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
වටවල වැලිඔය වතුයායේ පුද්ගලයකු කංසා විකුණන බවට හැටන් කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී කංසා ග්‍රැම් 195යි මිලි ග්‍රැම් 510ක් සමග එක් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බවට හැටන් පොලිසියේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කරයි.
මෙසේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසා තිබේ.