කැබිතිගොල්ලෑව පොලිස් වසමේ ගලවැව ප්‍රදේශයේදී උදැල්ලකින් පහර දීමෙන් බරපතළ තුවාල ලබා පුද්ගල යෙක් අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රථිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
මරණකරු සිය නිවස ආසන්නයේ වී මෝලක රැඳී සිට ඇති අතර, එම ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයන් දෙදෙනෙකු පෞද්ගලික ආරවුලක් මත මරණකරුගේ හිසට මෙලෙස උදැල්ලකින් පහර දී ඇති බව සඳහන් .
අනතුරුව ප්‍රදේශවාසින් විසින් ඔහුව රෝහල්ගත කර තිබේ .
මරණකරු වයස අවුරුදු 64ක කටුවලගාලේවැව, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර
පහරදීමට සම්බන්ධ සැකකරුවන්ගේ බවට අනාවරණය වූ ජංගම දුරකථන 02ක් අදාළ ස්ථානයේ තිබී පොලීසිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ .
එමෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැබිතොගොල්ලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














































