දිග්ගල්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායකදී අලියෙකු පහරදීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයෙකි.
තඹ කුඹුර වන අලින්ගෙන් ආරක්ෂා කිරීමට පැල් රැකීමට ගිය අවස්ථාවේදී මෙම වන අලි පහරකෑමට ලක්ව තිබේ.
මෙහිදී මෙම පුද්ගලයා අත්තනකඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සදහන්.
කෙසේ වෙතත් හදිසි මරණ පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවට පොලීසිය පවසයි.