හදුන්ගමුව, හිඹිලියාකඩ ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් 53 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
අසල නිවසට යන බව පවසා නිවසින් පිට ව ගොස් නැවත නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ වනජීවී කාර්යාල නිලධාරීන් සිදු කළ සෝදිසියක දී ඔහුගේ මළසිරුර සොයාගෙන ඇති බවට පොලීසිය පවසයි.