ඩුබායි රටේ චොකලට් නිෂ්පාදන ආයතනයක රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙලෙස රට රැකියා දෙන බව පවසමින් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් හත් ලක්ෂ පනස්දහස බැඟින් පුද්ගලයින් හත් දෙනෙකුගෙන් ලබා ගෙන ඇති බව සඳහන් වේ.
මෙම ජාවාරම විවාහක යුවළක් විසින් මෙහෙයවන බවත් , ජාවාරමේ සැකකාරිය මහියංගනය ප්‍රදේශයේ පදිංචි අයෙක් වන බවත් , ඇය මරදාන ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක සේවය කර ඇති බවත් , මෙම කාන්තාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් වාර්තා වේ.














































