ගවයින් ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයක් නැවැත්වීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා උඩුගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
යක්කලමුල්ල පොලිසියට ලද තොරතුරක් මත ගාල්ල උඩුගම මාර්ගයේ 13 කන්ද අසල මාර්ග බාධකයක් යොදා තිබියදී එම මාර්ග බාධකය පසු කිරීමට පැමිණි ත්‍රීරෝද රථය නැවැත්වීමට උත්සාහ කිරීමේදී මෙලෙස එම ත්‍රීරෝද රථ රියදුරු විසින් උප පොලිස් පරීක්ෂකවරයා අනතුරට ලක් කර පලා ගොස් ඇති බව සදහන්.
යක්කලමුල්ල පොලිසිය විසින් විමර්ශණ සිදුකර ත්‍රීරෝද රථය සහ සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී සැකකරු සතුව තිබී අත් බෝම්බයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































