ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කල පුද්ගලයෙකු කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41හැවිරිදි පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මොහු කෝටි 2කට අධික මුදලක් වංචා කර ඇති අතර මොහු සම්බන්ධයෙන් පැමිණිලි 20ක් පමණ ලැබී ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර තිබේ.
















































