කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ජංගම දුරකථනයක් රැගෙනයෑම වැළැක්වූ පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරියට බාධා කළ ව්‍යාපාරිකයෙකු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
මුව ආවරණයක් නොමැතිව ජංගම දුරකථනයක්ද සහිතව අධිකරණ භූමියට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පොලිස් සැරයන්වරයා ජංගම දුරකථනය රැගෙන යාමට නොහැකි බවත් මුව ආවරණයක් පැළදිය යුතු බවත් පැවසූ විට සැරයන්වරයාගේ බසට උරණ වූ ව්‍යාපාරිකයා සැරයන්වරයාගේ නිල ඇදුමෙන් ඇද තල්ලු කර දමා අධිකරණ භූමියට ඇතුළු වීමට උත්සාහ කර ඇති බව සදහන්.