සම්බාහන මධ්‍යස්ථානයකට ගිය ඊශ්‍රායල් ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයකු පොතුවිල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සංචාරයක් සදහා පැමිණ ඇති මෙම විදේශීය කාන්තාව උල්ල සංචාරක කලාපයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන යකට ගිය අවස්ථාවේදී මෙම ලිංගික අතවරයට මුහුණ දී ඇති බවට පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචි චන්දිමාල් නැමැති අයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (31) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































