කාලයක් තිස්සේ සංචාරක හෝටල් වල සාද පැවැත්වෙන දිනවලදී ඒවා වෙත ගොස් එම සාදවලට සහභාගි වන විදේශීය සංචාරකයින්ට හා අනෙකුත් අයට මත්පෙති හා අයිස් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක් සිදු කළ අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවට වැලිගම පොලිසිය වාර්තා කරයි.
වැලිගම පොලිස් වසමේ මිරිස්ස ධීවර වරාය පරිශ්‍රයේ සැරිසරමින් සිටියදී ඔහු ගැන සැක සිතී සෝදිසි කිරීමේදී ඔහු සන්තකයේ මත් පෙති 47ක් ද අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3000ක් ද තිබී ඇති බව සදහන්.
ඔහු එක මත් පෙත්තක් රුපියල් 8000ක් වැනි මුදලකට අලෙවි කර තිබෙන බවට අනාවරණය වේ.
සැකකරු තලල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.