පුද්ගලයෙකු මන්නා පිහියක් රැගෙන කලහකාරී ලෙස හැසිරෙන බවට දිවා මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ලැබුණු තොරතුරක් මත වැලිපැන්න – නුගගහලන්ද – බිෆ් වත්ත ප්‍රදේශයට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා දුටු සැකකරු විසින් පරුෂ වචනයෙන් බැන වදිමින් කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට සැකකරු සන්තකව තිබූ මන්නයකින් පහර දීමට තැත් කර තිබේ.
අනතුරුව පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් 119 දිවා රාජකාරීයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු ගෙන්වා ඔහුගේ ද සහාය ඇතිව සැකකරුව අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ තවත් පුද්ගලයෙකු සමඟ ආරවුලක් හටගෙන එම පුද්ගලයා විසින් සැකකරුගේ කන සපා කා බරපතළ තුවාල කර තිබූ අතර එයට උරන වී සැකකරු මන්නයක් රැගෙන පැමිණ ඇති බව සඳහන්.
සැකකරු 49 හැවිරිදි අයෙක් වන අතර ඔහු සන්තකව තිබූ මන්නා පිහිය ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුව මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














































