කුරුවිට, කොක්ඕවිට ප්‍රදේශයේදී යකඩ පොල්ලකින් පහරදීමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බව වාර්තා වේ.
කුරුවිට පොලිස් වසමේ නිවසක පදිංචිව සිට ඇති අදාළ පුද්ගලයාව පැහැරගෙන ගොස් වෙනත් නිවසක් තුළ අයුතු ලෙස සිරකර තබාගෙන පහරදී තිබේ.
නිවසක් තුළ එලෙස පුද්ගලයෙකුට පහරදෙන බවට ඊයේ (21) කුරුවිට පොලීසියට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කෙරුණි.
ඒ අනුව පහරකෑමට ලක්වු පුද්ගලයාව එම නිවස ආසන්නයේ කැළෑබද ස්ථානයක දමාගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර තුවාලකරුව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමට නිලධාරීන් කටයුතු කර තිබුණි.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පහරකෑමට ලක්වු පුද්ගලයා මියගොස් තිබේ.
පහරකෑමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 32ක් වන කොක්ඕවිට, පරන්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට හේතුව පුද්ගලික අමනාපයක් බවද පොලීසිය සඳහන් කරයි.
මෘතශරීරය රත්නපුර රෝහලේ තැන්පත් කර ඇති බව සදහන්.
සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































