විශේෂ කාර්‍ය බලකාය නුවර එළිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ විශේෂ වැටලීමක දී මිල කළ නොහැකි ට්‍රයිටෙන් වාලම්පුරියක් ඉතා සූක්ෂම ලෙස අලෙවි කිරීමට ගිය පුද්ගලයෙකු අඹේවෙල මාර්ගයේ ගොරකාපතන ,බොරගස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම වාලම්පූරිය සැකකරු විසින් රුපියල් කෝටි 5 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ බව සඳහන්.
සැකකරු 45 හැවිරිදි අළුත්කොළදෙණිය , සිල්මියාපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සඳහා සැකකරුව කැප්පෙටිපොල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව වාර්තා වේ.














































