මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනැවිත් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු සළිදු අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති බවට වාර්තා වේ.
අත්අඩංගුවේ පසුවන සළිදු මල්ශිකගේ මව විසින් ඉදිරිපත් කල රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සළිදු මල්ශිකගේ ජීවිත ආරක්ෂාව සහතික කරන ලෙස ගොනුකර ඇති මෙම පෙත්සම පිළිබඳ ලබන 20 වනදා ස්ථාවරය දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇති බවට වාර්තා වේ.