බේරේ වැවේ ජලයෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ බේරේ වැව වඩාත් ඵලදායි ලෙස භාවිතා කිරීම අරමුණු කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන අතර මෙම ව්‍යාපෘතිය වසර 20ක් සඳහා බලපවත්වෙන බව වාර්තා වේ.
මෙහි මූලික ප්‍රාග්ධන ආයෝජනය සහ තාක්ෂණික දැනුම ජපානයේ පෞද්ගලික ආයතනයක් විසින් සැපයීමට නියමිතව තිබෙන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3ක් වැය කිරීමට ඇස්තමේන්තු කර තිබේ.
එමෙන්ම මේ යටතේ බේරේ වැවේ යන්ත්‍ර 40ක් ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.














































