වව්නියාව , තාණ්ඩිකුලම ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු හප්පා තුවාල සිදු කර පලා ගිය සැකකරුවෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
යතුරුපැදිකරුවෙකු විසින් රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියාව මෙලෙස හප්පා තුවාල සිදු කර තිබෙන අතර පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ.එමෙන්ම තුවාලකරුගේ තත්ත්වය බලපතළ නොවන බවද සඳහන් වේ.
සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු වවිනියාව පොලිසිය විසින් සිදු කරනු ලබයි.