නිවසකට ඇතුළු වී කාන්තාවකට ලිංගික අතවර කළා යැයි පවසන පොලිස් සැරයන්වරයෙකු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වේ .
සැකකාර සැරයන්වරයා ජංගම මුර සේවයේ නිරතව සිටියදී අදාළ නිවස වෙත ඇතුළු තිබේ. පසුව නිවැසියන් විසින් මොහුගේ අතපය ගැටගසා හදිසි ඇමතුම් අංකයට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබේ. අනතුරුව එම නිලධාරීන් පැමිණ අදාළ පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු රඹුක්කන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු බව සඳහන් වේ.














































