අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දීම සඳහා මහනුවර මාපාණවතුර ප්‍රදේශයේ නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු හට කිසියම් පුද්ගලයින් පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වේ.
මෙලෙස පොලිස් රාජකාරියට බාධා කරමින් සැරයන්වරයාට පහර දුන් සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් වේ.














































