ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ අධිකරණයක විනිසුරු තනතුරක් හිමිව ඇති බවට වාර්තා වේ.
ඇය එංගලන්තයේ විනිසුරුවරියක වූ අයේෂා නම් 34 හැවිරිදි සුදු ජාතික නොවන ලාබාලතම කාන්තාව බව සදහන්.
වයස අවුරුදු 14දී එංගලන්තයට සංක්‍රමණය වන ඇය ලීඩ්ස් සරසවියෙන් වෛද්‍ය විද්‍යාව හදාරා විශේෂඥ වෛද්‍යවරියක්ද වෙයි.
පසුව ඇය විශේෂඥ වෛද්‍යවරියක් ලෙස කටයුතු කළ අතරම ලීඩ්ස් සරසවියෙන් නීතිවේදය හදාරා ඇය බැරිස්ටර්වරියක් ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව මෙලෙස විනිසුරුවරියක ලෙස පත්වීම් ලබා ගෙන ඇති බව සදහන්.














































