මහනුවර පේරාදෙණිය පොලිස් වසමට අයත් පෑලව , ඉහළ මාවත , මුරුතලාව ප්‍රදේශයේ අවුරුදු 25 ක පමණ වයසැති පෙර පාසල් ගුරුවරියක් මහ මගදී බෙල්ල කපා මරා තිබෙන බවට වාර්තා වේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අංජලී චාපා සෙව්වන්දි ජයවීර නැමැති තරුණියක් වන අතර අද (7) පෙර පාසලේ පැවැත්වීමට යෝජිතව තිබූ අවුරුදු උත්සවය සඳහා සහභාගී වීමට යමින් සිටිය දී මෙම ඝාතනය සිදුව තිබේ.
පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ,ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන් ඇතුළු කණ්ඩායමක් විසින් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.














































