ඖෂධ මිල දී ගැනීමේ දී සිදු වූ දැවැන්ත වංචාවක් පිළිබඳ සිදු කළ අනාවරණයකින් පසව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටුව සම්බන්ධයෙන් සෑහිමකට පත් විය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසන්නේ ඖෂධ මිල දී ගැනීමේ දී ටෙන්ඩර් පටිපාටියට සම්බන්ධ ව සිටි නිලධාරීන් අදාළ කමිටුවේ සාමාජිකයන් ලෙස පත්කර ඇති බවත් , ඉතා අඩු මිලට මිල දී ගැනීමට හැකියාව තිබිය දී අධික මිලකට ඖෂධ මිල දී ගැනීම හරහා මෙම වංචාව සිදු වී ඇති බවත් ය.
එහි දී එක් ඖෂධයක් ඩොලර් ශත 15කට මිල දී ගැනීමට හැකියාව තිබිය දී එය ඩොලර් 10යි ශත 03කට මිල දී ගෙන ඇති බවත් , මේ හරහා මහජන මුදල් අමෙරිකානු ඩොලර් දස කෝටි අසූ පන්ලක්ෂ පනස් පන්දහස් නවසිය හතළිස් අටයි ශත 63ක් අමතර ව වියදම් වී ඇති බවත් ඔහු අවධාරණය කරන ලදී.
එය මෙරට මුදල්වලින් රුපියල් බිලියන 30කට අධික බව ද වාර්තා වේ.















































