මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පාසල් දරුවන් බේරා ගැනීම සඳහා බලකායක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ළමුන් සඳහා වූ පාර්ලිමේන්තු සංසඳය කොළඹදී රැස් වූ අවස්ථාවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරම නිසා රටේ දරු පරපුර ඉතාමත්ම අන්තරාදායක තත්ත්වයට පත්ව ඇති බවත් , ඊසි කෑෂ් වැනි ක්‍රමවේද හරහා මත් රකුසා පාසල් පද්ධතියත් පාසල් දරුවනුත් ගිලගෙන ඇතැයි නාගරික හා ගම්බද පාසල්වලට යන විට දෙමව්පියන් පවසන බවත් ය.
එමෙන්ම පාසල් පද්ධතයෙන් මත්ද්‍රව්‍ය ඉවත් කර ගැනීම සඳහා සීඝ්‍රගාමී වැඩපිළිවෙළක අවශ්‍යතාවක් ඇති බවත් , ළමයින් කේන්ද්‍රීයව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාමට එරෙහිව දැඩි නීති පද්ධතියක හා වැඩපිළිවෙළක අවශ්‍යතාවක් පවතින බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.














































