පොලිස් විශේෂ කාර්ය බළකා ඉතිහාසයේ ප්‍රථම වරට මනෝවිද්‍යා ඒකකයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව පශ්චාත් යුද්ධ සමයක සහ ආර්ථික අර්බුදකාරී වාතාවරණයකදී විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ මානසික ගැටලු හා මත්ද්‍රව්‍ය ගැටලු හඳුනා ගැනීම සහ රැකියා පීඩනයන් හඳුනා ගනිමින් එම තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා නිලධාරීන්ගේ මනස සවිමත් කිරීම මෙම ඒකකයේ අරමුණ බව සඳහන් වේ.
උපදේශන මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ නිලධාරීන් 16 දෙනෙකු ද අලුතින් ඇරඹුණු මනෝවිද්‍යා ඒකකයට මේ වනවිටත් සම්බන්ධ කර ගෙන ඇති අතර මෙම නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් සහ පොලිස් පරීක්‍ෂකවරුන් ද සිටින බව වාර්තා වේ .
එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ සංකල්පයකට අනුව ඒ මහතාගේ මග පෙන්වීම යටතේ නියෝජ්‍ය අණදෙන නිලධාරි (පාලන) අතුල දවුලුගලගේ මෙහෙයවීමෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන සහ මනෝවිද්‍යා අංශය, ප්‍රධාන උපදේශක පුනරුත්ථාපන කාර්යාංශය, සභාපති මහජන විද්වත් සංසදය සහ මැලේසියානු ලින්කන් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත මානසික සෞඛ්‍ය පදනමේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරාගේ සම්පත් දායකත්වය සහ විශේෂඥ උපදේශකත්වය යටතේ මෙම ඒකකය ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් .














































