තංගල්ල ,ගල්බොක්ක ප්‍රදේශයේ දී බහින්බස්වීමක් දුරදිග ගොස් පොල්ලකින් සිදුකළ පහරදීමකින් ඊයේ (13) රාත්‍රියේ පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 37ක තංගල්ල ,ගොඩවැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා පිරමීඩ ජාවාරමකට යෙදවීමට රුපියල් ලක්ෂ 20ක් සැකකරු වෙත ලබා දී ඇති අතර ,ඒ පිළිබඳව විමසීමට සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ දී මෙම පහරදීම සිදු කර ඇති බව සදහන්.
පහරදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ පුද්ගලයා රෝහල් ගතකරන විටත් මියගොස් ඇති බව සදහන්.
ඝාතනය සිදුකළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට තංගල්ල පොලිසිය විමර්ශණ සිදු කරනු ලබයි.