පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින්, අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර පැවති විශේෂ හමුවකින් අනතුරුව සදහන් කොට ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීම එළඹෙන 25 වනදාට නොපැවැත්වෙනු ඇති බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කොට ඇත්තේ.
“මැතිවරණ කොමිසමත් එක්ක සුහද සාකච්ඡාවක් පැවැත්වූවා ඉදිරි කටයුතු සම්බන්ධව. අප්‍රේල් මස 25 වනදා දක්වාත් ඉන් අනතුරුවත් මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවන ආකාරය සාකච්ඡා කළා. මැතිවරණ කොමිසමෙන් නිර්දේශයක් එවනවා කිව්වා, අනතුරුව එම නිලධාරීන් ඡන්දයට ඉදිරිපත් වන කොට්ඨාසයෙන් පිටත ස්ථානයකට පත්කරලා වැටුප් ගෙවන්න කටයුතු කරනවා. එසේම මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටීම පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්කළා. එසේම මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා මැතිවරණ කොමිසමේ ඉල්ලීම්වලට සාධාරණයක් කරන්න අගමැතිතුමා කටයුතු කරනවා කිව්වා. “
“මැතිවරණ කොමිසම ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය සමඟ වෙනම සාකච්ඡාවක් පවත්වයි. ඊට පස්සේ ඒ ගොල්ලෝ කියයි. කොහොමත් දැන් තියෙන තත්ත්වය අනුව අප්‍රේල් 25 වනදා ට ඡන්දයක් තියන්න අමාරුයි. ඕන එක්කෙනෙකුට ඒක පේනවා, තැපැල් ඡන්දය තිබ්බේ නැතිනිසා, එතුමන්ලා අප්‍රේල් 25ට ඉස්සරවෙලා ඉදිරිය ගැන යම්කිසි ප්‍රකාශයක් කරයි.” යනුවෙන් සදහන් කර තිබේ.














































