හික්කඩුව පොලිස්බල ප්‍රදේශය තුළ ඊයේ (20) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත්බව හික්කඩුව පොලිසිය පවසයි.
මෙකී මෙහෙයුමේදී හෙරෝයින් මත්කුඩු මිලිග්‍රෑම් 95ක් සමඟ පුද්ගලයින් 03 දෙනෙකු ,නීති විරෝධී මත්පැන් බෝතල් 10 ක් සමඟ එක් අයෙකු , බීමත් රියදුරෙකු , සැකපිට කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු , බලපත්‍රයක් නොමැතිව බොරළු ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් සමඟ එහි රියදුරු සහ අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවන් 02 නෙකු අත්අඩංගුවට ගත් බැව් පොලිසිය පවසයි.
එමෙන්ම විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු කොටුකර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සඳසිරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබීය.
( ලංකා සර )














































