මෙරට ජනගහනයෙන් 3%ක් තැලිමීසියා වාහකයින් බවට වාර්තා වේ.
තැලිමීසියා රෝගය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසමත් රාජය්‍යක් බවට පත් වී ඇති බව කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ඒකකයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද මහතා ප්‍රකාශ කර තිබේ.
තැලිමීසියාව බහුල අනෙකුත් රටවල් එම රෝගය පාලනය කර තිබියදීත් ශ්‍රී ලංකාවට මෙතෙක් එය පාලනය කිරීමට නොහැකි වූ බවට මහාචාර්ය සචිත් මෙත්තානන්ද මහතා ප්‍රකාශ කර තිබේ.
“ලෝකයේ තැලසීමියාව බහුල රටවල් අතරින් එකක් තමා ශ්‍රී ලංකාව. තැලසීමියාව බහුල අනෙක් රටවල් ගත්තොත් ගීසිය, ඉතාලිය, සයිප්‍රසය වගේ ඒ රටවලට පුළුවන්කම ලැබිලා තියෙනවා තැලසීමියා රෝගීන් බිහිවීම සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න. අපේ සෞඛ්‍ය සේවයට පහසුවෙන් ජනතාව අතරට යන්න පුළුවන්. එහෙම වෙලත් අපිට දශමයකින්වත් මේ තැලසීමියා රෝගීන් බිහිවීම වළක්වා ගන්න බැරිවෙලා. එතනදී අපි කරන්න ඕන එකම දේ තැලසීමියා වාහක දෙදෙනෙකු අතර විවාහය නවත්වන්න. හැමකෙනෙක්ම තමන්ගේ විවාහයට පෙර තැලසීමියා වාහකයෙක් ද නැද්ද කියන එක අනිවාර්යයෙන්ම සොයා ගතයුතුමයි. ලංකාවේ 3%ක් තැලසීමියා වාහකයින් කියලා හොයා ගත්තා. විවාහයට පෙර තැලසීමියා රෝගියෙක් ද කියලා හොයලා බලන්න. නොමිලේ කරගන්න.”
මේ අතර තැලසීමියා රෝගයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව කුරුණෑගල ශික්ෂණ මහ රෝහලේ තැලසීමියා ඒකකයේ වෛද්‍ය මානෙල් රත්නායක මහත්මිය මෙලෙස පැහැදිලි කළාය.
“තැලසීමියා රෝගීන් දෙදෙනෙක් අතර විවාහයක දී 25%කට මහා තැලසීමියාව සහිත දරුවන් ඉපදෙන්න පුළුවන්. 50%ක් තැලසීමියා වාහක දරුවන් බිහිවෙන්න පුළුවන්. 25%ක් නිරෝගීයි. මෙතැන තියෙන්නේ ඇත්තටම සම භාවිතාවයක්. මහා තැලසීමියා දරුවෙක් ඉන්න පවුල්වල සමහර වෙලාවට වැරදි මතයක් තියෙනවා ඊළඟ දරුවා හදාගත්තොත් ඉතුරු කොටස්වලින් දරුවෝ ඉඳිවි කියලා. එහෙම වෙන්නේ නෑ. තැලසීමියා වාහක සහ තැලසීමියා නැති විවාහයක් 50%ක් දරුවන් තැලසීමියා වාහක වෙන්න පුළුවන්. ඒ වගේම 50%ක් තැලසීමියා වාහක නෙමෙයි. එතකොට අපි දන්නවා කිසිම වේලාවක මෙැවනි විවාහවලදී මහා තැලසීමියා රෝගී දරුවන් බිහිවෙන්නේ නෑ. කේන්දර ගළපා ගන්නවා ට වඩා විද්‍යාත්මක පදනමක් ඇති තැලසීමියා පොරොන්දම බලමින් විවාහයට යොමුවෙන්න.”