රට තුල පවත්නා ඩෙංගු රෝගය හා කොවිඩ් 19 පාලනය සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට විද්වත් කමිටුවක් ජනපතිගේ උපදෙස් මත පිහිටුවා ඇති අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු රාජ්‍ය අමාත්‍යවරු 8ක් මෙහි සාමාජිකත්වය දරන බව වාර්තා වේ.
මේ අතර ක්ෂේත්‍රයේ දැනුමක් සහිත සමාජිකයින් 11ක් යුත් කමිටුවක්ද පත්කර තිබෙන අතර මීට අමතරව ජුනි මාසය අවසන් වන විට කොළඹ දිස්ත්‍රික්කය ඩෙංගු අධි අවදානම් කලාපයක් බවට පත්වීමේ අවදානමක් ද ඇති බව මෙහිදී අවධාරණය කර තිබේ.
 
	    	



























 
		    

















