බ්‍රැන්ඩෙක්ස් සමාගමේ මව් සමාගම මෙරටින් ඉවත් කර ගැනීම හෝ සමාගම මෙරටින් ඉවත් කර බංගලාදේශයට රැගෙන යාමේ කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් , එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවත් බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ ප්‍රකාශකවරයෙක් කියා සිටියි.
එමෙන්ම ඇඟළුම් සදහා ඇති ගෝලීය ඉල්ලුම අඩුවීම වැනි ගෝලීයව ව්‍යාපාර මුහුණ දී ඇති අර්බුදය හමුවේ ඒවාට මුහුණ දීම සඳහා සහ සමාගමේ මෙරට ඇතැම් ශාඛාවල කාර්‍යක්ෂමතාව ඉහළ දැමීම සඳහා එවැනි ශාඛා එකට එක්තු කරමින් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑමට පසුගිය කාලයේ ඇතැම් අවස්ථාවල සිඳු වූ බවත් , එවැනි කරුණු හේතුකොටගෙන බ්‍රැන්ඩෙක්ස් සමාගම ශ්‍රී ලංකාවෙන් ඉවත් වන බවට , අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වී ඇති බව බ්‍රැන්ඩෙක්ස් එම ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.
තවද කර්මාන්තශාලා වසා දමා ඇති පුවත සම්බන්ධයෙන් අදහස් පලකළ බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ 2023 වසරේ මේ වන තෙක් වසා දමා ඇත්තේ වැලිසර කම්හල පමණක් වන බවයි.එය ද හදිසියේ ගත් තීරණයකට වඩා දිගු කලක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද සැලසුමක ප්‍රතිපලයක් බවත් පැවසීය . වැලිසර කර්මාන්තශාලාව වසා දැමීම ඉක්මනින් වූවේ ගෝලීයව නිමි ඇඳුම් සඳහා ඇති ඉල්ලුම 30%ක් පමණ අඩුවීම නිසා බවත් ඔහු කියා සිටියේය .
එසේම කටුනායක , හබරාදූව , අවිස්සාවේල්ල කර්මාන්තශාලා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කරමින් ඔහු තවදුරටත් පවසා සිටියේය.
බංගලාදේශයේ ද අලුතින් කර්මාන්තශාලා ස්ථාපිත කර නැති බව පැවසූ ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ බංගලාදේශයේ ඇත්තේ තම ආයතනය මඟින් 2013 වසරේ ස්ථාපිත කිරීම සඳහා බංගලාදේශයේ ආයෝජන හෝ සිඳු කර නොමැති බවත් ඔහු කරුණු පැහැදිලි කර සිටියේය. ශ්‍රී ලංකාවට සාපේක්ෂව බංගලාදේශය වනි රටවල සේවකයින්ට ගෙවිය යුතු වැටුප් ආදිය අවම අගයක් ගනු ලැබූවත් , බ්‍රැන්ඩෙක්ස් සමාගම ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් , තවදුරටත් ඇඟළුම් ක්ෂේත්‍රයේ නියමුවන් වෙමින් මෙරටට විදේශ විනිමය ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
( ලංකා සර )













































