සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පා.ම.තිස්ස අත්තනායක මහතා මේ වන විට දිවයින පුරා පිහිටි පන්සල්,පල්ලි ,කෝවිල් සහ දේවස්ථාන ඇතුළු ආගමික ස්ථාන 1730කට ආසන්න සංඛ්‍යාවක සංචාරය කර ඇති බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආගමික සහජිවනය ගොඩනැගිමේ සංකල්පයක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙසේ ආගමික ස්ථාන පදනම් කරගනිමින් “සඳහම් යාත්‍රා” වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
වාර්තා වන ආකාරයට මෙතෙක් මෙරට පහලවූ කිසිඳු ජනාධිපතිවරයකු හෝ මන්ත්‍රීවරයකු මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කර නොමැති බව සදහන්.
සමගි ජනබලවේග පක්‍ෂය වෙනුවෙන් ඒ මහතාගේ දායකත්වය මැනවින් ඉටුකරන බව පෙන්වා දීමට විචාරකයෝ සමත් වී තිබේ.
එසේම මෙම “සඳහම් යාත්‍රා” වැඩසටහන යටතේ බෞද්ධාගමික විහාරස්ථාන 1500 කට පමණ ගොස් තිබේ.
මේ අතර සැප්තැම්බර් මස 09 වන දින කෑගල්ල, ගලිගමුව වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානයේදී එය උත්සවශ්‍රීයෙන් සැමරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද සමගි ජන බලවේගයේ සංවිධායකවරුන් ප්‍රකාශ කර තිබේ.
 
	    	



























 
		    

















