කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ නිරතව සිට නැවත මෙරටට පැමිණීමට සූදානම්ව සිටියදී මියගිය මවගේ දේහ කොටස් ඉවත් නොකර මෙරටට රැගෙන එන ලෙස මියගිය කාන්තාවගේ පුත්‍රයා ඉල්ලීමක් සිදු කළ බව වාර්තා වේ.
කුවේට් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී මෙලෙස මියගොස් තිබුණේ මාතලේ- යටවත්ත- මාරගස්යාය-උඩස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි එක් දරු මවකි.
ඇය පසුගිය 26 වැනිදා මෙරටට පැමිණෙන බව පවසා තිබුණද පසුව ඇය නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වූයේ,ඇය සේවය කළ නිවසේ ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බවයි.
මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළද තම මව මියගොස් සති 2ක් ගතවී ඇති මුත් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව සදහන්.