English
සිංහල
15:54 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    වැවිලි හා කෘෂිකර්ම කේෂ්ත්‍රයට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර පර්යේෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරනවා.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    වැවිලි ක්ෂේත්‍රයේ අගයදාමයන් වැඩි කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට රජය සූදානම් – වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත කේෂ්ත්‍රයට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කරමින් කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට පියවර ගන්නා බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    ඊට අදාළ කෙටුම්පත සකස් කිරීම මෙන්ම ශක්‍යතා අධ්‍යයනය සිදු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එහි මූලික කටයුතු මෙම වසර තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

    වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

    වැවිලි කේෂ්ත්‍රයේ අගයදාමයන් වැඩි කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට රජය සූදානම් බවත්, එයට අවශ්‍ය තාක්ෂණික දැනුම, මූල්‍ය ප්‍රතිපාදන ඇතුළු සෙසු අවශ්‍යතා සපුරාලීමට අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    මීට වසරකට පෙර පැවති පොහොර හිඟය නිසා වැවිලි හා කෘෂිකාර්මික කේෂ්ත්‍ර දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන්නා. මේ හේතුවෙන් තේ කර්මාන්තය ඇතුළු අනිකුත් වගාවන් ද යම් කඩාවැටීමකට ලක් වුණා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගැනීමෙන් අනතුරුව ගොවීන්ට නිසි පරිදි පොහොර ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. එම නිසා මේ වන විට ගොවීන්ට අවශ්‍ය පොහොර ක්‍රමානුකූලව ලැබෙමින් පවතිනවා.

    තේ, පොල්, රබර් ඇතුළු අනිකුත් වගාවන් සඳහා අවශ්‍ය සියලුම පොහොර වර්ග මේ වන විට තරගකාරී මිල ගණන් යටතේ වෙළෙඳපොළේ තිබෙනවා. ඒ වගේම රටවල් කිහිපයක පසුගිය කාලය තුළ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉහළ ගිය පොහොර මිල ගණන් මේ වන විට අඩු වෙමින් තිබෙනවා. කෙසේ වුවත් ගොවි ජනතාවට පොහොර නිසි වේලාවට ලැබීම හේතුවෙන් රටක් විදිහට දැන් කෘෂිකාර්මික හා වැවිලි කේෂ්ත්‍රයේ යම් ඵලදායීතාවක් පෙන්නුම් කරන බව පැවසිය යුතුයි.

    2022 වසරේදී නිමි තේ නිෂ්පාදනය පැවතුණේ කිලෝ මිලියන 251ක් ලෙසයි. නමුත් මේ වසර අවසන් වන විට නිමි තේ කිලෝ මිලියන 280ක ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

    පසුගිය වසරේ නිෂ්පාදනය අඩු වීමත් සමඟ තේ මිල විශාල ලෙස ඉහළ ගියා. වර්තමානය වන විට රුපියල ශක්තිමත් වීම නිසා තේ මිල ඊට සාපේක්ෂව අඩු වී තිබෙනවා.

    ලෝක තත්ත්වයන් මත, රුසියානු – යුක්‍රේන යුදමය වාතාවරණය නිසාත්, අපේ ප්‍රධාන ගැනුම්කරුවන් වන ඉරානය, ලිබියාව, සිරියාව වැනි රටවල පවතින සිවිල් ගැටුම් නිසාත් තේ අපනයනයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

    ඒ වගේම ඉරානයෙන් බොර තෙල් මිලදී ගැනීම වෙනුවෙන් ගෙවීමට තිබෙන ඩොලර් මිලියන 500කට ආසන්න මුදල වෙනුවට, තේ සැපයීම සඳහා පසුගියදා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. මේ අනුව අදාළ මුදලේ වටිනාකමට සරිලන ලෙස තේ ලබාදීමට කටයුතු කරනවා. ‘තෙල් වෙනුවට තේ’ යන සංකල්පය යටතේ ඉරාන වෙළෙඳපොළට ශ්‍රී ලංකා තේ නැවත අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. මේ නිසා පසුගිය කාලයේ යම් ප්‍රමාණයකට අපෙන් ගිලිහුණු ඉරාන වෙළෙද පොළට නිමි තේ අපනයනය යළි වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා.

    ඒ වගේම රබර් අපනයනයෙන් පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඊට වැඩි ආදායමක් 2021 වසරේදී ඩොලර් බිලියන 1.1ක් ලෙස ලැබුණා. ඒ කොවිඩ් සමය තුළ ලෝක වෙළෙදපොළේ රබර් ආශ්‍රිත නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් ලැබුණු නිසයි. රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් මේ වසරේදීත් ඩොලර් මිලියන 900ත් ඩොලර් බිලියන 1ත් අතර ආදායමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

    ලෝක ආර්ථික අපගමනයත් සමඟ සියලු අපනයන භාණ්ඩවල යම් අඩු වීමක් තිබෙනවා. ආර්ථික විශේෂඥයන් පුරෝකථනය කරන ආකාරයට තෙවැනි කාර්තුවෙන් පසුව එය නැවත සාමාන්‍ය තත්ත්වයකට පත්වෙනු ඇතැයි විශ්වාස කළ හැකියි. මේ නිසා ඉදිරි කාලයේදි නැවත වැවිලි බෝගයන්හි අපනයන ඉලක්ක සඳහා පිවිසීමට හැකියාව ලැබෙනවා.

    මෑත කාලයේදී තේ සහ රබර්වලට අමතරව පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ද වැඩි වර්ධනයක් දක්නට ලැබෙනවා. 2020 වසරට සාපේක්ෂව 2021 වසරේදීත්, ඊට සාපේක්ෂව 2022 වසරේදීත් ආසන්න වශයෙන් වෙළෙදපොළ 15% – 20%ත් අතර ප්‍රමාණයකින් ප්‍රසාරණය වී තිබෙනවා. විශේෂයෙන්ම සක්‍රීය කාබන් නිෂ්පාදනය කරන පොල් කටුවලට, වගාවන් සඳහා යොදන කොහුබත්වලට, පොල්තෙල්, පොල් කිරි හා පිටි කළ පොල් සඳහා ලෝකයේ විශාල ඉල්ලුමක් තිබුණා.

    ඒ අනුව 2022 වසරේදී පොල් ආශ්‍රිත නිශ්පාදන මගින් ඩොලර් මිලියන 836ක අපනයන ආදායමක් උපයා ගැනීමට සමත් වුණා. මේ වසරේදීත් ඊට ආසන්න අගයකට ළඟා විය හැකියි. ඉදිරි වසර පහ ඇතුළත පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් බිලියන 1.5 – 2.00ක් දක්වා වැඩි කර ගැනීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා.

    මීට අමතරව දැනට පවතින නීතිය අනුව කැබලි කිරීමට හැකි වන්නේ අක්කර 10කට වැඩි පොල් ඉඩම් පමණයි. රටේ පොල් කර්මාන්තය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව අක්කරයකට වඩා වැඩි පොල් ඉඩම් ද කැබලි කිරීමට විශේෂ අවසරයක් ලබාගත යුතු බවට නීතියක් ඉදිරියේදී ගෙන එනවා. ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත යළි පසුවිපරමක් සිදු කිරීමටද බලාපොරොත්තු වෙනවා.

    ඒ වගේම පොල් ගස ද “ගස් හෙළීමේ පනතට” දැනටමත් ඇතුළත් කර තිබෙනවා. මීට පෙර එම පනතට ඇතුළත් කර තිබුණේ කොස්, දෙල් සහ ගැහැණු තල්ගස පමණයි. ඉදිරියේදී පොල් ගස් දෙකකට වඩා කපා ඉවත් කරනවා නම් ග්‍රාම නිලධාරි මහතාගේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවසරය ලබාගත යුතුයි කියන නීතියත් ක්‍රියාත්මක කරනවා.

    මීට අමතරව මේ වසරේ ඩොලර් මිලියන 400කට ආසන්න ප්‍රමාණයක් කුරුඳු ඇතුළු අනිකුත් කුළු බඩු අපනයනය කිරීමෙන් උපයා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.

    වැවිලි කර්මාන්ත කේෂ්ත්‍රයටත්, කෘෂිකර්මාන්තයටත් අදාළ සියලුම පර්යේෂණ ආයතන ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට නව යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මෙයට අදාළ මූලික කෙටුම්පත මේ වන විට සකස් කර තිබෙනවා. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක්. දැනට කෘෂිකර්මාන්ත සහ වැවිලි අංශවලින් ශක්‍යතා අධ්‍යනයක් ද සිදුකර තිබෙනවා. මෙහි මූලික කටයුතු මේ වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    පසුගිය කාලයේ වැවිලි කර්මාන්ත කේෂ්ත්‍රයට බලපෑ පසුගාමී තත්ත්වයන් අවම කරගෙන ඉදිරි කාලයේදී වඩාත් ශක්තිමත්ව ඉදිරියට යෑමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. වැවිලි කේෂ්ත්‍රයේ අගයදාමයන් වැඩි කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන්න රජයක් විදිහට සූදානම්. එයට අවශ්‍ය තාක්ෂණික දැනුම, මූල්‍ය ප්‍රතිපාදන ඇතුළු අනෙක් කාරණා වෙනුවෙන් අමාත්‍යාංශය ලෙස මැදිහත්ව කටයුතු කරනවා.

    ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version