ඩෙංගු පමණක් නොවෙයි ….. කොවිඩ් වසංගතයත් යළි පැතිරෙනවා …… පරිස්සම් වන්නැයි විශේෂඥ වෛද්‍යවරු කියති….
මේ දිනවල ඩෙංගු රෝගය සහ කොවිඩ් රෝගය පැතිර යන බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි පානදුර මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ විශේෂඥ වෛද්‍ය (පවුන් සෞඛ්‍ය විද්‍යා විශේෂඥ) මල්කාන්ති ගල්හේන සඳහන් කරයි.
උගුරේ සෙම් ගතිය , කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව සමඟ උණ පවතින්නේ නම් එය කොවිඩ් රෝග ලක්ෂණ විය හැකි බවත් මස්පිඩුවල තද වේදනාව , හිසේ කැක්කුම සමඟ තද උණ පවතින්නේ නම් එය ඩෙංගු රෝග ලක්ෂණ විය හැකි බවත් ඇය සඳහන් කරයි.
මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් කොවිඩ් රෝගයේදී රෝගියාට සිය නිවස තුළ තමාව කලමණාකරණය කර ගැනීමට හැකි වුවද ඩෙංගු රෝගියෙකුට එසේ කළ නොහැකි යැයි ද ඇය පෙන්වා දුන්නාය .
නිවස තුළ තම තමන් කළමණාකරණය කර ගැනීමට පෙර තමන්‍ට වැලදී ඇති රෝගය කුමක්ද යන්න පිළිබඳව වෛද්‍යවයෙකු මඟින් දැන ගැනීම අනිවාර්‍යෙන්ම කළ යුතු යැයි විශේෂඥවරිය සඳහන් කළාය.
(ලංකා සර)














































