මැලේරියාව බහුලව පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් හරහා මැලේරියා රෝගය මෙරට තුළ ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පසුගිය කාල සීමාව තුළදී ආසියාවේ මැලේරියා රෝගීන් ලක්ෂ 6ක් පමණ මරණයට පත්ව ඇති බවත් මෙරටින් පසුගිය වර්ෂයේ මැලේරියා රෝගීන් 37 දෙනෙකු හඳුනාගත් බවත් එම ව්‍යාපාරය වැඩි දුරටත් සඳහන් කර තිබේ.














































