English
සිංහල
15:14 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවලට අයත්, මාර්ග සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙළක්.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මාර්ගගත තාක්ෂණය ඔස්සේ ජනතාවට අවශ්‍ය සේවාවන් කඩිනමින් සහ විධිමත්ව සපයා දීමට පළාත් පාලන ආයතන සුදානම් – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර.
    දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවලට අයත්, මාර්ග සිතියම්ගත කිරීම 2025 වසර වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් අනතුරුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

    මෙම වැඩපිළිවළ වසර 36කට පසුව ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, අදාළ මාර්ග අයත් රාජ්‍ය ආයතන පැහැදිළිව හඳුනා ගැනීමේ අවස්ථාව එමඟින් හිමි වන බව ද සඳහන් කළේය.

    එසේම මාර්ගගත තාක්ෂණය ඔස්සේ මහජනතාවට විධිමත් සහ කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හඳුන්වා දුන් වැඩපිළිවෙළ යටතේ මේ වන විට පළාත් පාලන ආයතන 69ක් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සිය සේවාවන් ක්‍රියාත්මක කරන බවත්, තවත් පළාත් පාලන ආයතන 167ක් සඳහා අවශ්‍ය මූලික පුහුණුව ලබාදී, මෘදුකාංග ස්ථාපන කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ONLINE) මහජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා සමස්ත පළාත් පාලන ආයතන ව්‍යුහයම මේ වන විට සූදානම් කරමින් තිබෙනවා.

    මේ අනුව පළාත් පාලන ආයතන අතරින්, ආයතන 69ක් මේ වන විට සිය සේවාවන් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ මහජනතාවට කඩිනමින් ලබා දෙමින් සිටිනවා. තවත් පළාත් පාලන ආයතන 167ක් සඳහා අවශ්‍ය මූලික පුහුණුව ලබාදී, මෘදුකාංග ස්ථාපන කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

    රාජ්‍ය ආයතනවල පවතින දූෂණ හා අක්‍රමිකතා අවම කිරීමට මෙම මාර්ගගත ක්‍රමවේදය ඉවහල් වෙනවා. ඒ වගේම මෙමගින් මහජනතාවට වරිපනම් ගෙවීම්, ව්‍යාපාර බදු ගෙවීම්, නිවාස සැලසුම් අනුමත කිරීම්, ආදාහනාගාර, ක්‍රීඩාංගණ, නගර ශාලා ආදිය වෙන් කිරීම් ඇතුළු අවශ්‍යතා රැසක් කඩිනමින් ඉටු කර ගැනීමට ද හැකියාව ලැබෙනවා.

    තවද මේ පිළිබඳ පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ට, කොමසාරිස්වරුන්ට අවශ්‍ය තෙදින පුහුණු වැඩමුළුවක් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලබන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව සඳහන් කළයුතුයි.

    එසේම පළාත් පාලන ආයතන සඳහා නව ස්වයං උත්පාදන ආදායම් මාර්ග හඳුන්වාදීමටත් නියමිතයි. වරිනම්, බදු ආදායම්, මිශ්‍ර ආදායම් සහ අනෙකුත් කුලී ආදායම් සහ බලපත්‍ර ගාස්තු අය කිරීම්වලින් ලැබිය යුතු ආදායම් නිසි පරිදි සභාවේ අරමුදල වෙත නොලැබෙන තත්ත්වයක් නිරීක්ෂණය වී තිබෙනවා. ඒනිසා ආදායම් නිසියාකාරව නොලැබීමට හේතු වන නීතිමය බාධා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රමවේද පිළිබඳවත් අධ්‍යයනයක් සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා.

    දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතනවලට අයත් මාර්ග සිතියම්ගත කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන තිබෙනවා. මෙහි මූලික අදියර යටතේ මාර්ග 49,200ක් වයඹ පළාතේ සලකුණු කර අවසන්. කිලෝමීටරයකට රුපියල් 102 බැගින් මාර්ග කිලෝමීටර් 21,000ක් සලකුණු කිරීමට කටයුතු යොදා තිබෙනවා. GIS සහ GPS තාක්ෂණය යොදාගෙන මාර්ග සිතියම් ලකුණු කිරීම සිදුවන නිසා මීට වැය වන මුදල අවම වී තිබෙනවා. මෙම වැඩපිළිවෙළෙන් අදාළ මාර්ග අයත් වන රාජ්‍ය ආයතන හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා.

    පළාත් පාලන ආයතනවලට අයත් පාලම් නොමැති ස්ථාන වෙනුවෙන් අලුතින් පාලම් 160ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන් පාලම් 20ක වැඩකටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘති වෙනුවෙන් මේ වසරේ පමණක් රුපියල් මිලියන 5000ක් වෙන් කර තිබෙනවා. සමස්ත ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 14,000ක් වෙන් කරමින් සෙසු පාලම් ලබන වසර ඇතුළත අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

    මීට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ තාවකාලික සේවකයන් 10,355කට ස්ථීර පත් වීම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම මේ හා සමානව පුරප්පාඩු සංඛ්‍යාවක් ද පවතිනවා. එම පුරප්පාඩු පිරවීම ද ඉදිරියේදී පියවර ගනු ලබනවා.

    ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version