නාරම්මල පොලිස් වසමට අයත් දැතව, පනාවිටිය,යක්කන්නහැර,මැටියගනේ ගම්මානයන් මැදින් නාරම්මල නගරය වෙත ලගාවීමට ඇති මාර්ගය මේ වනවිට ඉතාමත් අබලන් තත්වයක පවතී.
නාරම්මල නගරය වෙත පහසුවෙන් යාමට පුද්ගලයින් හට භාවිතා කිරීමට ඇත්තේ මෙම මාර්ගයයි. මෙම මාර්ගය වාගොල්ල හතරමන් හංදියෙන් ආරම්භ වී මැටියගනේ පාසල් හංදියෙන් කොළඹ 05 ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන අතර දුර කි.මි. 5 පමණ වේ.
මෙම මාර්ගය දැතව, දැතව වත්ත, දීකිරිකෑව, පනාවිටිය, යක්කන්නහැර, ආදි ගම්වල වැසියන් භාවිතා කරන ප්‍රධාන මාර්ගය වේ.
මේ වන විට මෙම මාර්ගය අබලන්වීම හේතුවෙන් ගම්මුන් මහත් අපහසුතාවන්ට ලක්ව තිබේ.
රෝහලකට යාමට, දරුවන්ට පාසල් වෙත යාමට,රැකියාවන් සදහා යාමට, සති පොලට යාමට ආදි විශේෂ ගමන් බිමන් යාමට පවා නොහැකිව මහත් අපහසුතා වලට මුහුණදීමට ඔවුන්ට සිදුව ඇත.
මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කර අතරමැද නවතා දමා ඇත.
මෙම ගම්මානය මැදින් ගිරිඋල්ල සිට නාරම්මල දක්වා ගිරිඋල්ල ඩිපෝවට අයත් ලංගම බස්රථයක් උදේ සවස ධාවනය කර ඇති අතර දැනට වසර කිහිපයක සිට එම බස් රථයද එම මාර්ගයේ ධාවනය වීමක් සිදුනොවන බව වාර්තා වේ.
මෙම මාර්ගයේ රජයේ පාසල් පිහිටා ඇති අතර එහි ජීවත්වන ළමයින් නගරයේ පාසල් වලටද යයි.
මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට පාසල් වලට හා උපකාරක පන්ති සදහා යාමටද මෙම බස් රථය නොමැතිවීම හේතුවෙන් දැඩි අපහසුතා වලට ලක්ව ඇත.
මෙම මාර්ගයේ පනාවිටිය නම් ගමේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ලී කැටයම් ඇති අම්බලමක් පිහිටා ඇති අතර මෙම අම්බලම පනාවිටිය අම්බලම නමින් හදුන්වයි.
මෙම අම්බලමේ කැටයම් නැරඹීම සදහා පෙර වසරවලදි සංචාරකයන් , පාසල් ළමුන්, චාරිකා වල යෙදෙන පිරිස් පැමිණ ඇති නමුත් මෙම මාර්ගයේ ගමන් කිරීමට බස්රථ හිමියන් අකමැතිවීම හේතුවෙන් මේවන විට එයද මුලුමුනින්ම නැවතී ඇති බව සදහන්.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්,














































