යුක්‍රේනයේ ඛේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ආරක්ෂක අංශ විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර තවත් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයෙන් ඛේ(ර්)සන් ප්‍රදේශයේ දුම්රිය ස්ථානයකට , නිවසකට මෙන්ම සුපිරි වෙළඳසැලකට ඇතුළුව දේපළ හානි සිඳු වී ඇති බව සඳහන්.
එමෙන්ම පසුගිය සිකුරාදා දින සිට ඛේ(ර්)සන් ප්‍රදේශයට ඇඳිරි නීතිය ද පනවා තිබූ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.















































