පසුගිය පළමු වනදා සවස ආරච්චිකට්ටුව – වෛරන්කට්ටුව මාර්ගයේ ධාවනය කළ ලොරි රථයකින් දුහුවිලි විසිරී ගිය බව පවසමින් ආරච්චිකට්ටුව ප්‍රදේශීය සභාව සඳහා සමගි ජනබලවේයේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු සහ තවත් අයෙකු විසින් එම ලොරි රථයේ රියදුරුට පහර දී ඇති අතර ඔහු විසින් ආරච්චිකට්ටුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
ලොරි රථ රියදුරා ආනවිලුන්දාව , නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරු ආරච්චිකට්ටුව – වෛරන්කකට්ටුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්.
සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.














































