අමෙරිකාවේ කැනවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඩ්‍රැගන් කැප්සූලය රැගත් ෆැල්කන් නයින් නම් අභ්‍යවකාශ යානාව ඊයේ (21) දින ගමන් ආරම්භ කර ඇති බව වාර්තාවේ.
මෙලෙස ගමන් අරභා ඇත්තේ පෞද්ගලික ගගනගාමී පිරිසක් පමණක් රැගෙන ලොව දෙවැනි අභ්‍යවකාශ යානාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් ආරම්භ කොට ඇති බවයි.
ඇක්සියම් ටූ නම් වූ මෙම මෙහෙයුමට මුදල් ගෙවූ මගීන් අතරට අලි අලඛර්නි සහ රෙයානා බර්නවී නම් සෞදි අරාබි ජාතිකයින් දෙදෙනා ද ඇතුලත් බව සදහන් වේ. බර්නවී විශේෂ වන්නේ ඇය අභ්‍යවකාශයට ගිය පළමු සෞදි ජාතික කාන්තාව වීම බවද අවර්තාවේ.















































