ප්‍රධාන පෙළේ ආයතනවල සන්නාම අවභාවිතා කරමින් විදෙස් රටවලින් ව්‍යාජ නිෂ්පාදන මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවට වාර්තා වේ.
මෙම ජාවාරම්කරුවන් රූපලාවණ්‍ය ආලේපන වර්ග,චොකලට්,බිස්කට් ඇතුළු නිෂ්පාදන මෙරටට ව්‍යාජ ලෙස ගෙන්වන බවට ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කර ඇති බව සදහන්.
මේ හේතුවෙන් තම සමාගම් මෙන්ම පාරිභෝගික ජනතාවද අනතුරට ලක්වන බවට ඔවුන් පෙන්වා දී තිබේ.













































