බුත්තල , මිණුම්දෝරු කොළණිය, මැඩිල්ල ප්‍රදේශයේ තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ .
ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම වනඅලියා මීට පෙර දින කිහිපයක සිට රෝගී තත්ත්වයකින් පෙලෙමින් ප්‍රදේශයේ සැරිසරමින් සිටි බවත් , මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 20ත් 30ත් අතර වයසක වනඅලියෙකු බවත් ය.
වනඅලියාගේ මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් බුත්තල පොලීසිය සහ වනජීවි නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ .














































