ගලහ , සුදුවැල්ල ප්‍රදේශයේ සිසුවෙකු ජල පහරකට හසුවීමෙන් ඊයේ (11) අතුරුදන්ව ඇති බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට මෙම සිසුවා ශිෂ්‍යත්ව අමතර පන්තියක් සදහා සහභාගී වී නැවත නිවස කරා පැමිණෙමින් සිටියදී මෙලෙස ජල පහරකට හසු වී අතුරුදන්ව තිබේ .
මෙලෙස අතුරුදන්ව ඇත්තේ දෙල්තොට ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි සිසුවෙකි.
පොලිස් ජල කිමිදුම් කණ්ඩායමකගේ සහාය ඇතිව අතුරුදන් වූ දරුවා සෙවීමට කටයුතු කළද මේ වන තෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැත.














































