පාසලක ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ දරුවන් පිරිසක් හදිසියේ රෝගාතුර වීම නිසා එම පාසල අද (20) දිනයේ තාවකාලිකව වසා දැමූ බව වාර්තා වේ .
මෙලෙස රෝගාතුර වී තිබෙන්නේ පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් 250 කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන කුරුණෑගල , ගනේවත්ත හිරිපිටිය විද්‍යාලයේ දරුවන් 15 දෙනෙකි.
පාසලේ ඉගෙනුම ලබමින් සිටියදී ළමුන් කිහිප දෙනෙකුට ශරීරය කැසීමේ රෝගී තත්වයක් ඇති වී ඇති අතර ඔවුන්ව ගනේවත්ත ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ . මේ වන විටත් ළමුන් කිහිප දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් .
ඒ අනුව ගනේවත්ත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ පාසලේ සියලුම පන්ති කාමර විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීමට පියවර ගෙන තිබේ .
මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි රෝගී තත්ත්වයන් හඳුනා ගතහොත් පාසලක් සාමාන්‍යයෙන් දින තුනක් පමණ වසා දැමීමට සිදු වන බවත් , රෝගී තත්ත්වය පාලනය වී ඇති බවත් , හෙට (21) දින නැවත පාසල විවෘත කිරීමට අදහස් කරන බවත් ය.
නමුත් මෙම රෝගී තත්ත්වය පැතිර යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත .