ඊසානදිග චීනයේ පාසලක වහලයක් කඩා වැටීමෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පැවති වර්ෂාපතන කාලගුණය හේතුවෙන් අදාළ ගොඩනැගිල්ලේ වහලය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර අදාළ ගොඩනැගිල්ල භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ .
අනතුර සිදුවන අවස්ථාවේදී එහි 19 දෙනෙක් සිට ඇති අතර ඉන් බොහෝ දෙනෙක් කුඩා දරුවන් බවත් , ඔවුන්ගෙන් 8 දෙනෙකු පමණ දිවි ගලවාගෙන ඇති බවත් , සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරන බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ .















































