මාර්ග රථවාහන රාජකාරියේ යෙදී සිටී පොලිස් කොස්තාපල් වරයකු, පාසල් සිසුවකු ධාවනයකල වෑන් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
එම අනතුරින් පොලිස් කොස්තාපල් වරයා බරපතල තුවාල ලබා රෝහල් ගතකොට තිබේ.
පොලිස් කොස්තාපල් වරයා කොල්ලුපිටිය පොලිසියට අනියුක්තව සේවය කරන අතර කොල්ලුපිටිය මුහුදු මාවතේ කාල්විල් මන්සංදියේ රජාකාරී කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.
කොල්ලුපිටිය දුම්රිය පොළ දෙස සිට ඉතා අපරික්ෂා කාරී ලෙස පැමිණ ඇති වෑන් රථය පොලිස් නිලධාරියාගේ ගැටී ඇතිබව පොලිසිය සදහන් කර තිබේ.
18 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.














































