ඇල්පිටිය ඇබිත්තන්ගොඩ ඇළේ දියනෑමට ගිය දැරියක් දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම දැරිය ඇගේ මව සහ සහෝදරිය සමග ඊයේ (03) සවස් කාලයේ ඇබිත්තන්ගොඩ ඇළේ දිය නෑමට ගොස් තිබේ.
එහිදී මොවුන් තිදෙනාම දියේ ගිලි ඇති අතර පසුව රෝහල් ගත කර ඇති අතර එහිදී අදාළ දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය පවසයි.
ඇය කැටපත, ගනේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවියකි.
ඇයගේ මව සහ සහෝදරිය ද මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් ඇල්පිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
මේ සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































