කුඩා දරුවන් ඇතුලු සංක්‍රමණිකයන් 34 දෙනෙකු රැගත් යාත්‍රාවක් ටියුනීසියානු මුහුදේ ගිලී අතුරුදහන් වී තිබෙන බවට වාර්තා වේ.
අප්‍රිකානුවන් රැගත් මෙම යාත්‍රාව ඉතාලිය බලා ගමන් කරමින් තිබියදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.
දින දෙකක් තුළ මෙම මුහුදු සීමාවේ ගිලී ගිය පස්වන සංක්‍රමණික යාත්‍රාව වන අතර ,මේ දක්වා සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් හත්දෙනෙකු මිය ගොස් තවත් 67 දෙනෙකු අතුරුදහන් වී තිබේ.















































