අද (14) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබෙන බවට වාර්තා වේ.
අහුංගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේදී කුඩා දරුවන් දෙදෙනෙකු සමග යතුරුපැදියක ගමන් ගත් 29 හැවිරිදි තරුණයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩිතැබීම සිදු කර ඇත.
වෙඩි වැදීමත් සමග යතුරුපැදිය පෙරළී ගොස් ඇති අතර එහි ගමන් කළ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලැබූ අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
සැකකරුවන් පළාගොස් ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.